ISIS සටන්කාමීන් ප්‍රාණඇපකරුවන් 21කගේ හිස ගසා දමන වීඩියෝව (VIDEO)

ISIS සටන්කාමීන් ලිබියාවේදී පැහැරගනු ලැබූ ඊජිප්තු ජාතිකයින් 21 දෙනෙකුගේ ගෙල කපා ඝාතනය කරන අයුරු දැක්වෙන වීඩියෝවක් ඉන්ටර්නෙට් වෙත මුදා හැර තිබේ.
විදෙස් මාධ්‍ය
වාර්තා කළේ, ඊජිප්තුවේ ක්‍රිස්තියානි භක්තිකයින් පිරිසක් එලෙස ඝාතනය කර ඇති බව ය.
ඔවුන් එලෙස ඝාතනය කිරීමට හේතුව ඔවුන් කිතුනු බැතිමතුන් වීම බව ද අදාළ වීඩියෝ පටයෙන් හෙළි කෙරෙන බව විදෙස් මාධ්‍ය වාර්තා කළේ ය.
එලෙස ඝාතනය කෙරුණු ඊජිප්තු ජාතිකයින් පසුගිය දෙසැම්බර් හා ජනවාරි කාලසීමාව තුළ පැහැරගැනීමට ලක් වූයේ, ලිබියාවේ මුහුදුබඩ නගරයක් වන සර්ට්හිදී ය.
මේ අතර අන්තවාදී ඉස්ලාම් ත්‍රස්තවාදය තුරන් කිරීමට ලොව අන් රටවල් සමග එක්ව ක්‍රියාකරන බව ඊජිප්තු ජනාධිපති අබ්දෙල් ෆටා අල් සිසි පැවසී ය.
මෙම ඝාතන හෙළා දුටු ඊජිප්තුව මේ හේතුවෙන් සතියක ශෝක කාලයක් ද ප්‍රකාශයට පත්කර තිබේ.
ලිබියාවේ පාලකයා වූ කර්නල් මුවම්මර් ගඩාෆි 2011 වසරේදී බලයෙන් පහ කිරීමෙන් අනතුරුව එරට දැඩි දේශපාලන අර්බුදකාරී තත්ත්වයක් පවතී.
මේ හේතුවෙන් අයි.එස්. සටන්කාමීන් ඇතුළු සටන්කාමී කණ්ඩායම් රැසක් ලිබියාවේ පාලනය සිය ග්‍රහණයට ගැනීමට තැත් කරයි.
මේ අතර පසුගිය දා ඊජිප්තු ජනාධිපතිවරයා එරට වැසියන්ට ලිබියාවට යාම තහනම් කළේ ය.