කැටපත් පවුරේ ලියූ තරුණිය අල්ලයි

සීගිරිය කැටපත් පවුරේ කුරුටු ගෑ 27 හැවිරිදි තරුණියක පුරාවිද්‍යා නිලධාරීන් අත්අඩංගුවට ගැනුනා. මඩකලපුව ප‍්‍රදේශයේ පදිංචි ඇය සේවය කරන ඇඟළුම් කම්හලේ
සාමාජිකයන් සමඟ ඊයේ විනෝද චාරිකාවක් සඳහා සීගිරියට පැමිණ තිබෙනවා. එහිදී ඇය කැටපත් පවුරේ ඇයගේ නම සහ ස්තූතියි යන්න සටහන් කර ඇති බව සඳහන්. අත්අඩංගුවට ගත් තරුණිය පසුව සීගිරිය පොලිසිය වෙත භාර දී තිබෙනවා.  
සීගිරිය කැටපත් පවුර නැරඹීමට පැමිණෙන පුද්ගලයන්ට එය විකෘති නොකරන ලෙස සිංහල, දෙමළ සහ ඉංගී‍්‍රසි භාෂා ති‍්‍රත්වයෙන්ම දැනුවත් කරමින් පුවරු ප‍්‍රදර්ශනය කර තිබීමද විශේෂත්වයක්. මීට පෙර පසුගිය 2014 වසරේ නොවැම්බර් මාසයේදීද මඩකලපුව ප‍්‍රදේශයේ පාසලක උසස් පෙළ හදාරන සිසුවියක් කටුවකින් කැටපත් පවුරේ කුරුටු ගී මත සිය නම ලිවීමට උත්සාහ කිරීමේදී පොලිස් අත්අඩංගුවටට ගැනුණා.