නාමල් රාජපක්ෂගේ ලිපියකින් තරුණියක් සරසවි වරම් ලැබීමේ සිද්ධියක් ගැන පරීක්ෂණයක් (VIDEO)


 පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා  විශ්වවිද්‍යාල ප්‍රවේශය අයදුම් නොකළ සිසුවියක විවෘත විශ්වවිද්‍යාලයට ඇතුළත් කිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් පරීක්ෂණයක් පවත්වන බව
උසස්
අධ්‍යාපන අමාත්‍ය මහාචාර්ය රජීව විජේසිංහ මහතා පවසයි.
ඔහු මේ බව ප්‍රකාශ කළේ, ඊයේ කොළඹදී පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවකදී ය.
එහිදී නාමල් රාජපක්ෂ මහතා සම්බන්ධයෙන් එල්ල වී ඇති අදාළ චෝදනාව පිළිබඳව මාධ්‍යවේදියෙක් ප්‍රශ්න කළේ ය.
මේ අතර, විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිසමේ සභාපතිනි මහාචාර්ය ක්ෂණිකා හිරිඹුරේගම මහත්මිය සම්බන්ධයෙන් පරීක්ෂණයක් පවත්වන බව ද උසස් අධ්‍යාපන අමාත්‍යවරයා සඳහන් කළේ ය.
මෙම ප්‍රවෘත්ති සාකච්ඡාවට විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිසමේ සභාපතිනි මහාචාර්ය ක්ෂණිකා හිරිඹුරේගම මහත්මිය ද එක්ව සිටීම විශේෂත්වයකි.