ඩිලානිගේ කෙල්ල ලංකාවේ !

ජනප්‍රිය නිලියක්ව සිටි ඩිලානි අබේවර්ධන හා ගායක සමන් පුෂ්පවර්ණගේ දියණිය කවීෂා මේවන විට ලංකාවට පැමිණ සිටී.
ඇය ලංකාවට පැමිණියේ ලාල්
වීරසිංහ විසින්
අධ්‍යක්ෂණය කරනු ලබන 'සිංග මචන් චාලි' චිත්‍රපටයට රංගනයෙන් දායකවීම සඳහාය.
කෙසේවුවද පසුගිය පළමුවැනිදා ලංකාවට පැමිණි ඇය ලබන අඟහරුවාදා යළි ඇමරිකාවට යාමට නියමිතය.
වසර 2002 සිට වසර 13කට ආසන්න කාලයක් ඇමරිකාවේ පදිංචිව සිටින ඇගේ වයස දැන් අවුරුදු 18කි.
ඇය මෙවර ලංකාවට පැමිණ ඇත්තේ තනියෙම බවත් පැවසෙන අතර ඩිලානි කවීෂාගේ සිනමා පටයේ මංගල දර්ශනය නැරඹීමට ලංකාවට පැමිණීමට නියමිත බවද වාර්තා වේ