ජිනීවා වාර්තාව කල් දමා ගැනීමේ උත්සහයක් !

ශ‍්‍රී ලංකාවේ සිදු වූ බව කියන යුධ අපරාධ පිළිබඳ විමර්ශන වලට අදාළ විශේෂ වාර්තාවක් මාර්තු මාසයේදී එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයට ඉදිරිපත් කිරීමට නියමිත නමුත්
, ශ්‍රී ලංකාවේ දැනට පවතින දේශපාලන තත්වය සලකා එය සැප්තැම්බර් මස දක්වා කල් දමා ගැනීමට රජය බලවත් උනන්දුවක් දක්වන බව වාර්තාවේ.

එක්සත් ජාතීන්ගේ සංවිධානයේ මානව හිමිකම් පිළිබඳ මහ කොමසාරිස් සෙයිද් අල් හුසේන් මහතා පවසා ඇත්තේ, 2014 වසරේ ජනවාරි සිට දෙසැම්බර් දක්වා වූ කාලය තුළ සිදු කරන ලද විමර්ශනවල තොරතුරු එම වාර්තාවට ඇතුළත් බවයි.
තවද, යුධ අපරාධ චෝදනා සම්බන්ධයෙන් විමසා බැලීම සඳහා ශ‍්‍රී ලංකා රජය විසින් පත් කරන ලද උගත් පාඩම් හා ප‍්‍රතිසන්ධානය පිළිබඳ කොමිසමේ කි‍්‍රයාකාරීත්වය සම්බන්ධයෙන්ද මෙහිදී අවධානය යොමු කළ බව එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් පිළිබඳ මහ කොමසාරිස්වරයා සඳහන් කර තිබේ.
කෙසේවුවද, මාර්තුවේ ප්‍රකාශයට පත් කිරීමට නියමිත වාර්තාව මගින් හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ, හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ හා හිටපු යුධ හමුදාපති සරත් ෆොන්සේකා එරෙහිව යුධ අපරාධ චෝදනා එල්ලවී ඇතැයි තානාපති සේවා ආරංචිමාර්ග සඳහන් කරයි.
එම වාර්තාව මාර්තු මාසයේදී ප්‍රකාශයට පත්වුවහොත්, හිටපු ජනාධිපතිවරයා එමගින් සිංහල -බෞද්ධ ජනතාවගේ අනුකම්පාව ලබා ගනිමින් ඉදිරි මහ මැතිවරණයේදී දේශපාලන වාසියක් ලබා ගැනීම කටයුතු කරනු ඇතැයි ආණ්ඩුව සැක පළකරයි.
දින සියයේ වැඩසටහන් අවසන් කල වහාම අප්‍රේල් මාසයේ මහ මැතිවරණයකට යාමට වත්මන් ආණ්ඩුව බලාපොරොත්තු වේ.