කවීෂා කැළණි ගියේ ඇයි ?

ජනප්‍රිය නිලියක්ව සිටි ඩිලානි අබේවර්ධන හා ගායක සමන් පුෂ්පවර්ණගේ දියණිය කවීෂා ලංකාවේ සිටි සමයේ වැඩි කාලයක් පිං අතේ වැඩ සඳහා වැය කර ඇතැයි වාර්තා
වේ.
ඇය ලංකාවට පැමිණියේ ලාල් වීරසිංහ විසින් අධ්‍යක්ෂණය කරනු ලබන 'සිංග මචන් චාලි' චිත්‍රපටයට රංගනයෙන් දායකවීම සඳහාය.
කෙසේවුවද පසුගිය පළමුවැනිදා ලංකාවට පැමිණි ඇය ඉකුත් 27 වැනිදා යළි ඇමරිකාවට ගියාය.
වසර 2002 සිට වසර 13කට ආසන්න කාලයක් ඇමරිකාවේ පදිංචිව සිටින ඇගේ වයස දැන් අවුරුදු 18කි.
කවීෂාගේ ශ්‍රී ලංකා සංචාරයේදී ඇය කුඩා කාලයේ ලංකාවේ සිටියදී නිතර ගිය තැනක් වූ කැළණි පන්සලද වැඳපුදාගෙන තිබේ.
ඇය ඓතිහාසික කල්‍යානි රජමහා විහාරය වැඳ පුදාගත් අයුරු  ඡායාරූපවල දැක්වේ.     www.srilankamirror.com