අතුරුදන් වූ ගණන 2000 ඉක්මවයි

ජම්මු කාශ්මීර් ප්‍රාන්තවලට පසුගිය සති කිහිපය තුළ ඇතිවූ ගංවතුර හේතුවෙන් මේ වන විට උත්තර් ප්‍රදේශයේ අතුරුදන්වී ඇති ගණන 2000 ඉක්මවා ඇති බව එම ප්‍රාන්ත බලධාරීහු පවසා සිටිතිග මෙම අතුරුදන්වීම් වාර්තා කර ඇත්තේ ඔවුන්ගේ ඥාතීන් විසින් බවද එම බලධාරීන් පෙන්වා දී ඇත අතුරුදන් වූවන් වැඩිම සංඛ්‍යාවක් වාර්තා වී ඇත්තේ ෆිලිබිට් නගරයේ වන අතර එම ගණන 484 කි උත්තර ප්‍රාන්තයේ ස්වදේශ කටයුතු අමාත්‍යාංශ ‍ලේකම් කම්ලා සක්සේනා සඳහන් කර ඇත්තේ මෙම අතුරුදන්වීම් සම්බන්ධයෙන් සොයා බැලීම සඳහා ජම්මු කාශ්මීර් ප්‍රාන්ත බලධාරීන් සමග නිරතුරුව සබඳතා පවත්වමින් සිටින බවය මෙසේ අතුරුදන් වී ඇති පිරිසකගේ ඥාතීන් තොරතුරු සපයා ඇති අතර එම පිරිසට අයත් වනුයේ රැකියාවන් සඳහා ගොස් සිටින පිරිස්ල කෙටිකාලීන ව්‍යාපාර කටයුතු සඳහා ගොස් සිටි පිරිස් සහ විනෝද සංචාරයන් සඳහා ගොස් සිටි පිරිස් බවත් වාර්තා වී තිබේ