මිෂන් ඉම්පොසිබල් 5 ජූලි වලදී

ටොම් කෘස් ගේ මිෂන් ඉම්පොසිබල් 5 චිත්‍රපටියේ තිරගතවීම මාස කිහිපයකින් ඉදිරියට ගෙන ඇතැයි වාර්තා වේ.
කලින් දෙසැම්බර් 25දා තිරගතවීමට නියමිත වූ
මිෂන් : ඉම්පොසිබල් ගෝස්ට් ප්‍රොටෝකොල් (Mission: Impossible Ghost Protocol) චිත්‍රපටය මේ අනුව ජූලි 31දා තිරගත වන බව පැරමවුන්ට් සමාගම කියයි.
ක්‍රිස්ටෝෆර් මැක්ක්වොරි විසින් අධ්‍යක්ෂණය කර ඇති මෙම චිත්‍රපටයේ රූගත කිරීම් පසුගිය වසරේදී ආරම්භ විය.