කැසිනෝ ලයිසන් හිමියන්ගෙන් මිලියන 1000ක බද්දක් !

දැනට නීත්‍යානුකූලව කැසිනෝ බලපත්‍ර ලබාගෙන ඇති එක් කැසිනෝ ව්‍යාපාරිකයෙකුගෙන් එක් වරක් පමණයක් අයකරන රුපියල් මිලියන 1000ක බද්දක් අයකිරීමට තීරණය කර ඇතැයි අග්‍රාමාත්‍ය රනිල්
වික්‍රමසිංහ මහතා විශේෂ ප්‍රකාශයක් සිදු කරමින් කියා සිටියේය. අය-වැය කතාව ඉදිරිපත් කරමින් මුදල් අමාත්‍යවරයා ඒ අනුව රජයට රුපියල් මිලියන 5000ක ආදායමක් හිමිවන බවද පැවසීය. එසේම අලුතෙන් කැසිනෝ බලපත්‍ර ලබානොදෙන බවත් ක්‍රමෝපායික සංවර්ධන පනත හරහා අවසර ලබාදුන් මිශ්‍ර ව්‍යාපෘතියන් වලද වෙනත් අයෙකුගේ බලපත්‍රයක් මත කැසිනෝහල් පවත්වාගෙන යා නොහැකි බවත් අමාත්‍යවරයා සඳහන් කළේය.