පසුගිය සමයේ මෙරට ආර්ථිකයට වූ හානිය ජාත්‍යන්තර දර්ශකයකින් හෙළිවෙයි

ආර්ථික නිදහස පිළිබඳ දර්ශකයේ ශ්‍රී ලංකාව 101 වැනි ස්ථානය දක්වා පහත වැටි තිබේ.
එය පසුගිය වසරට වඩා 1.4 ක පසුබෑමකි.
ආර්ථික නිදහස පිළිබඳ දර්ශකයේ ආසියානු
ශාන්තිකර කලාපය සැලකීමේදී රටවල් 42 ක් අතුරින් ශ්‍රී ලංකාවට 21 වන
ස්ථානය හිමි ව තිබේ.

මෙය ගෝලීය වශයෙන් මෙන්ම කලාපීය වශයෙන් සැලකුව ද සාමාන්‍ය මට්ටමට වඩා දුර්වල මට්ටමකි.
වෙළද නිදහස, දේපල හිමිකම, ආයෝජන නිදහස වැනි කරුණු 10 ක් පදනම් කර ගනිමින් ආර්ථික නිදහස පිළිබඳ
දර්ශකය සකස් කර තිබේ.
දකුණු ආසියානු කලාපයේ සෙසු සියලුම රටවල් ආර්ථික නිදහස පිළිබඳ දර්ශකය අනුව පසුවන්නේ ශ්‍රි ලංකාවට වඩා
පසුපසිනි.
හොංකොං දේශය දර්ශකයේ ප්‍රථම ස්ථානයේ පසුවන අතර අමෙරිකාවට 12 වන ස්ථානය හිමි ව තිබේ.
කෙසේ වෙතත් ගෝලීය ආර්ථිකයේ හා නිෂ්පාදනයේ දැවැන්තයෙකු වන චීනය එම දර්ශකයේ 139 වන ස්ථානයේ පසු
වේ.
රටවල් 178 ක් ආශ්‍රයෙන් මෙම දර්ශකය වාර්ෂිකව එළි දක්වන්නේ අමෙරිකාව මූලික කරගත් හෙරිටේජ් පදනම