ජනපති ලේකම් කාර්යාලයේ වාහන 53ක් පිටකෝට්ටේ

ජනාධිපති ලේකම් කාර්යාලයට අයත් වාහන 53 ක් පිටකෝට්ටේ ප‍්‍රදේශයේ වාහන අංගනයක තිබී සොයා ගෙන තිබේ.
මිරිහාන පොලිසියට ලද තොරතුරක් මත
පිටකෝට්ටේ - ශ‍්‍රී ජයවර්ධනපුර විවිධ සේවා සමූපකාරයට අයත් ඉඩමක
පවත්වාගෙන ගිය වාහන අංගනයක තිබී මෙම වාහන සොයාගත් බව පොලිස් මාධ්‍ය ප‍්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි අජිත් රෝහණ මහතා කියයි.
මේ අතර මෝටර් රථ 34 ක්, ජිප් රථ 13 ක්, වෑන් රථ 2 ක්, කැබ් රථ 2 ක් සහ යතුරුපැදියක් ඇතැයි වාර්තා වේ.
කෙසේවුවද ජනාධිපති ලේකම් කාර්යාලයට අයත්, තවත් වාහන 128 ක් අතුරුදහන්ව ඇති බවද පොලිස් ආරංචි මාර්ගවලින් වාර්තා වේ.