'චන්ද්‍රිකා නායකත්වයට ගෙන ආ යුතුයි' - ශ්‍රීලනිප මන්ත්‍රීවරු කියති

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ඉදිරි අනාගතය සම්බන්ධයෙන් බලවත් සේ බලාපොරොත්තු බිඳ වැටි සිටින එම පක්ෂයේ බහුතර මන්ත්‍රීවරුන් පිරිසක්, පක්ෂය යලි ජයග්‍රාහී මාවතට
ගෙන එම සඳහා හිටපු ජනාධිපතිනි චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරණතුංග මහත්මිය පක්ෂ නායකත්වයට ගෙනා ආ යුතු බවට යෝජනා
කර සිටිති.
ශ්‍රීලනිප වත්මන් සභාපති මෛත්‍රීපාල සිරිසේන මහතාට ජනාධිපති ධුරයට පත්වීම සඳහා එක්සත් ජාතික පක්ෂය උදව් කිරීම තුල ඔහු එම පක්ෂයේ නායක රනිල් වික්‍රමසිංහ මහතාගේ දේශපාලන අනාගතය සම්බන්ධයෙන් උනන්දුවක් දැක්වීම ශ්‍රීලනිපයේ ඉදිරි ගමනට බාධාවක් විය හැකි බව එම මන්ත්‍රීවරුන්ගේ අදහස වී තිබේ.
ඊයේ (22) රාත්‍රී කොළඹ කොල්ලුපිටියේ ප්‍රසිද්ධ හෝටලයකට රැස්වූ ශ්‍රීලනිප මන්ත්‍රීවරුන් 20කට අධික පිරිසක් ඉහත කාරනා සම්බන්ධයෙන් දීර්ඝ වශයෙන් සාකච්ජා කර ඇත.
ශ්‍රීලනිප හිටපු සභාපති මහින්ද රාජපක්ෂ මහතා හා වත්මන් සභාපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ නායකත්වය සංසන්දනය කරමින් දීර්ග විග්‍රහයක දී ඇති එම මන්ත්‍රීවරුන් පිරිස, පක්ෂය ඉදිරියට ගෙනයාම සඳහා මහින්ද රාජපක්ෂ මහතාගේ දායකත්ව ලබාගැනීමේ අවශ්‍යතාවය ද අවධාරණය කර තිබේ.