මෛත්‍රීගේ බජට් එක කෝටි 9000කින් අඩු කරයි !

ජනපති කාර්යාලයේ වියදම් ලෙස පසුගිය අයවැයෙන් රුපියල් කෝටි 9533ක් වෙන්කර තිබුණත් ද අතුරු අය වැයෙන්  එය රුපියල්
කෝටි 256ක් දක්වා අඩුකර තිබේ.
එසේ ජනපති කාර්යාල වියදම අඩු කිරීම නිසා සිදුවන ඉතිරිය කෝටි 9277කි.
ජනපති කාර්යාලයේ වියදම  2014, 2013, 2012, 2011,2010, 2009 හා 2008 දී  රුපියල් කෝටි 10497,6244,5936,5063,5063,765 හා 634 ක් වශයෙන් විය.
එසේම රජයේ සේවයකයන්ගේ වැටුප් රුපියල් 5000කින් පෙබරවාරි මාසයේ සිට වැඩි කිරීමට නියමිතය.
අමාත්‍ය මණ්ඩලය 40කින් අඩු කිරීමෙන් රුපියල් බිලියන 2.5ක් ඉතිරිවී ඇති බවත්, ජූනි මාසයේදී රාජ්‍ය වැටුපට 5000ක් තවත් එක්කරන බවද කීය.
එසේම පෞද්ගලික අංශයේ සේවක වැටුප රුපියල් 2500කින් වැඩිකිරීමට යෝජනා කර තිබේ.
අප්‍රේල් මාසයේ සිට විශ්‍රාම වැටුප් 1000 වැඩි කිරීමට හා  සමෘද්ධි දීමනාව 100% කින් වැඩි කිරීමට යෝජනාවී ඇත.
පසුගිය රජයේ අයවැය හිඟය රුපියල් බිලියන 521 කි.
අයවැයට සවන් දීම සඳහා ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතා පාර්ලිමේන්තුවට පැමිණ සිටියේය.