සනත් ජයසූරිය කුමාර් සංගක්කාරට දෙවැනි වෙයි (VIDEO)

නවසීලන්තය සමග පැවති සිව් වන එක්දින තරගයෙන් ශ්‍රී ලංකාවට කඩුලු 4ක පරාජයක් හිමි වුව ද කුමාර් සංගක්කාර සම්බන්ධයෙන් ශ්‍රී ලංකාවට ආඩම්බරයක් එක් විය.
ඒ, කුමාර් සංගක්කාර ශ්‍රී ලංකාවේ
වැඩි ම එක්දින ලකුණු ලාභියා බවට පත්වීම හේතුවෙනි.
අද දිනයේ රැස් කළ ලකුණු 76 ත් සමගින් ඔහු රැස් කර සිටින මුළු එක්දින ලකුණු සංඛ්‍යාව 13490ක් බවට පත් විය.
මීට පෙර ශ්‍රී ලංකාවේ වැඩි ම එක්දින ලකුණු ලාභියා වූ සනත් ජයසූරිය රැස් කර සිටියේ, ලකුණු 13430කි.
ශ්‍රී ලංකාවේ වැඩි ම එක්දින ලකුණු ලාභීන්:
1. කුමාර් සංගක්කාර – 13490 (තරග 394)
2. සනත් ජයසූරිය – 13430 (තරග 445)
3. මහේල ජයවර්ධන – 12472 (තරග 438)
4. අරවින්ද ද සිල්වා – 9284 (තරග 308)
5. තිලකරත්න ඩිල්ෂාන් – 9183 (තරග 304)
මේ අතර, වැඩි ම එක්දින ලකුණු ලාභීන් අතර ලෝකයේ ම තුන් වන ස්ථානය කුමාර් සංගක්කාරට හිමිව තිබේ.
ඔහුට දෙවන ස්ථානයට පැමිණීම සඳහා තවත් අවශ්‍ය වන්නේ, ලකුණු 215ක් පමණි.
මේ අතර, ලොව වැඩි ම එක්දින ලකුණු ලාභීන් අතර ශ්‍රී ලාංකික පිතිකරුවන් තිදෙනෙකු සිටීම විශේෂත්වයකි.
ලොව වැඩි ම එක්දින ලකුණු ලාභීන්:
1. සචින් ටෙන්ඩුල්කාර් – 18426 (තරග 463)
2. රිකී පොන්ටින් – 13704 (තරග 375)
3. කුමාර් සංගක්කාර – 13490 (තරග 394)
4. සනත් ජයසූරිය – 13430 (තරග 445)
5. මහේල ජයවර්ධන – 12472 (තරග 438)