ලොව පැරණිතම බාබර් සාප්පුව ලංකාවට

ලොව පැරණිම බාබර් සාප්පුව ලෙස ගිනස් වාර්තා පොතට ඇතුළත් වී තිබෙන ටෘෆිට් ඇන්ඩ් හිල් (Truefitt and Hill) සමාගම සිය ව්‍යාපාර මෙරටට ද ගෙන ඒමට සැරසෙන බව
වාර් වේ.
දිවයින පුරාවට සිය සමාගමේ ශාඛා කිහිපයක් ආරම්භ කිරීමට බලාපොරොත්තු වන බව නිවේදනයක් මගින් ඔවුන් කියා සිටියි.
ශ්‍රී ලංකාවේ සිය ව්‍යාපාර කටයුතු ව්‍යාප්ත කිරීම සඳහා මෙරට හවුල්කරුවන් සොයමින් සිටින බවද එහි වැඩිදුරටත් දැක්වේ.
වසර 200ක් පුරාවට පැවතගෙන එන මෙම ව්‍යාපාර ජාලයට අයත් ආසියානු ශාඛා බිජීං, සිංගප්පූරුව, ක්වාලාලම්පූර්, බැංකොක් හා මුම්බායි යන සන්ධිස්ථානවල තිබේ.