සූරියවැව ක්‍රිකට් ක්‍රීඩාංගණයේ ප්‍රධාන පිවිසුම් මාර්ගයේ ධාන්‍ය වේලන ප්‍රදේශවාසීන් (VIDEO)

ශ්‍රී ලංකාව ජාත්‍යන්තරය හා යා කරන මාර්ග දෙකක් මේ දිනවල තල හා මුං පැඳුරුවලින් වැසී පවතී.
ඒ අතර සූරියවැව, මීගහජඳුර  සහ මත්තල  ප්‍රදේශවල  ගොවි ජනතාව
අත්ට්‍රැක්ටර් මගින් ධාන්‍ය වර්ග රැගෙන මත්තල ගුවන් තොටුපොළේ ප්‍රධාන පිවිසුම්
මාර්ගය වෙත ද පැමිණ සිටිති.
සූරියවැව ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේ ප්‍රධාන පිවිසුම පිහිටි මාර්ගය ප්‍රදේශයේ ගොවි ජනතාව විසින් තල සහ මුං ආදී ධාන්‍ය වේලා ගැනීම සඳහා භාවිත කරනු ලැබේ.
එම ක්‍රීඩාංගණයේ අවසන් වරට ක්‍රිකට් තරගයක් පැවැත්වුණේ පසුගිය වසරේ දෙසැම්බර් 3 වන දා ය.
යළි  ක්‍රීඩා තරගයක් පැවැත්වෙන දිනයක් මෙතෙක් දැනගන්නට නොමැත.
එම මාර්ගය ජනාකීර්ණ නොවීම නිසා ඔවුන් සිය ධාන්‍ය වේලා ගැනීමට භාවිත කරයි.