ශ්‍රී ලංකාවට එරෙහිව නවසීලන්ත පිතිකරුවන්ගෙන් ලෝක වාර්තාවක් !


ශ්‍රී ලංකාව සහ නවසීලන්තය අතර අද පැවැත්වෙන 5 වන එක්දින ක්‍රිකට් තරගයේ පළමුවෙන් පන්දුවට පහර දුන් නවසීලන්ත කණ්ඩායම ලෝක වාර්තාවක් පිහිටුවීමට සමත් විය.
එම ලෝක වාර්තාවට හිමිකම් කීවේ, නවසීලන්තයේ ග්‍රාන්ට් එලියට් සහ
ලූක් රොන්කි යන පිතිකරුවන් දෙදෙනා ය.
ඔවුන් 6 වන කඩුල්ල වෙනුවෙන් ලකුණු 267ක නොබිඳුණු සබඳතාවක් ගොඩ නැගූහ.
එය එක්දින තරගයකදී 6 වන කඩුල්ල වෙනුවෙන් ගොඩ නැගූ ඉහළ ම ලකුණු සබඳතාව ලෙස ක්‍රිකට් ලෝක වාර්තා අතරට එක් විය.
මීට පෙර එම ලෝක වාර්තාවට හිමිකම් කීවේ, ආසියානු මහද්වීප කණ්ඩායම නියෝජනය කළ ශ්‍රී ලංකාවේ මහේල ජයවර්ධන සහ ඉන්දියාවේ
මහේන්ද්‍ර සිං දෝනි යන ක්‍රීඩකයින් දෙපළ ය.
ඔවුන් මීට වසර 8කට පෙර අප්‍රිකානු මහද්වීප කණ්ඩායමට එරෙහිව 6 වන කඩුල්ල වෙනුවෙන් ලකුණු 218ක සබඳතාවත් ගොඩ නගා තිබිණි.
6 වන කඩුල්ල වෙනුවෙන් ගොඩ නැගුණු හොඳ ම සබඳතා:
1. ලූක් රොන්කි සහ ග්‍රාන්ට් එලියට් (නවසීලන්තය) – 267 (නොබිඳුණු සබඳතාවකි)
2මහේල ජයවර්ධන සහ මහේන්ද්‍ර සිං දෝනි (ආසියාව) – 218
3ටටෙන්ඩ ටයිබු සහ එස්. මට්සිකන්යෙරි (සිම්බාබ්වේ) – 188
4මයික් හසී සහ බ්‍රැඩ් හැඩින් (ඔස්ට්‍රේලියාව) – 165
5ක්‍රෙග් මැක්මිලන් සහ බ්‍රෙන්ඩන් මැකලම් (නවසීලන්තය) – 165
අද තරගයේදී නව ලෝක වාර්තාවක් පිහිටවූ ලූක් රොන්කි පන්දු 99කදී නොදැවී ලකුණු 170ක් රැස් කළ අතර ග්‍රාන්ට් එලියට් පන්දු 96කදී නොදැවී ලකුණු 104ක් රැස් කළේ ය.
නවසීලන්ත කණ්ඩායම සිය පන්දු වාර 50 තුළදී කඩුලු 5ක් දැවී රැස් කළ ලකුණු සංඛ්‍යාව 360කි.