හිටපු ජනපතිගේ වත්කම් පිළිබඳ පරීක්ෂණයට සහය දෙන්න සී ෂෙල්ස් රාජ්‍ය සූදානම්

ශ්‍රී ලංකා රජය ඉල්ලීමක් කරන්නේ නම් වත්කම් පිළිබඳ පරීක්ෂණයක් සිදු කිරීමට ඉඩ ලබාදීමට සූදානම් බව සී ෂෙල්ස් රාජ්‍ය එරට විදේශ අමාත්‍යාංශයේ නිල වෙබ් අඩවියේ සඳහන් කර
තිබේ.
හිටපු ජනාධිපතිවරයාගේ
පවුල් වත්කම් පිළිබඳ මතුව ඇති තත්ත්වයන් සැළකිල්ලට ගනිමින් සී ෂෙල්ස් රාජ්‍යය එලෙස ප්‍රතිචාර දක්වා තිබුණි.
සී ෂෙල්ස් හී විදේශ අමාත්‍ය ජෝන් පෝල් ඇඩම් මහතා ප්‍රකාශ කර තිබෙන්නේ දේශපාලනයෙන් ඔබ්බට ගිය දෙරටේ මිත්‍රත්වය එමගින් තහවුරු කිරීමට අපේක්ෂා කරන බව ය.
ශ්‍රී ලාංකිකයින් විසින් සී ෂෙල්ස් රාජ්‍යයේ පවත්වාගෙන යන ආයෝජන පිළිබඳව දෙරට අතර පවතින ද්විත්ව බදු වැළැක්වීමේ ගිවිසුමට අනුව තොරතුරු හෙලි කළ හැකි බව එරට විදේශ අමාත්‍යවරයා සඳහන් කර තිබේ.

www.newsfirst.lk