මහින්ද කරලියට නොගන්න චන්ද්‍රිකා- මෛත්‍රී එකඟතාවයක්

හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා යලි ශ්‍රී ලංකා නිදහස් පක්ෂය තුල ප්‍රමුඛ රාජකාරියක් නොපැවරීමට එම පක්ෂයේ වත්මන් නායක, ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා හා හිටපු ජනාධිපතිනි චන්ද්‍රිකා
බණ්ඩාරනායක කුමාරණතුංග මහත්මිය එකඟතාවයකට පැමිණ ඇත.
ලබන 14 දා පැවැත්වෙන ශ්‍රීලනිප විධායක සභාවේදී හෝ සමස්ත ලංකා කාරක සභාවේදී, ශ්‍රීලනිපය විනාශ කල එමෙන්ම, අන්ත දුශිතයකු වූ මහින්ද රාජපක්ෂ මහතාට තැනක් ලබාදුනහොත් තමා දැඩි තීරණයක් ගන්න බව බණ්ඩාරනායක මහත්මිය මේවනවිට ජනාධිපතිවරයා දැනුම්දී තිබේ.
එසේම, බණ්ඩාරනායක මහත්මිය පසුගිය දින කිහිපය පුරා ශ්‍රීලනිප මන්ත්‍රීවරුන් වරින් වර කැඳවා, පක්ෂය ආරක්ෂා කර ගැනීමට ගත යුතු ක්‍රියාමාර්ග පිළිබඳව දීර්ග වශයෙන් සාකච්ජා කර තිබේ.
මහින්ද අගමැති අපේක්‍ෂක කිරීමට :
මේ අතර, ඉදිරි මහා මැතිවරණයේදී එක්‌සත් ජනතා නිදහස්‌ සන්ධානයේ අගමැති අපේක්‍ෂකයා ලෙස හිටපු ජනපති මහින්ද රාජපක්‍ෂ මහතා ඉදිරිපත් කළ යුතු යෑයි යන ස්‌ථාවරයේ සිට කටයුතු කිරීමට එම සන්ධානයේ පක්‍ෂ හතරක්‌ එකඟතාවකට පැමිණ තිබේ.
දිනේෂ් ගුණවර්ධනගේ නායකත්වයෙන් මහජන එක්‌සත් පෙරමුණ, විමල් වීරවංශ මහතාගේ නායකත්වයෙන් යුත් ජාතික නිදහස්‌ පෙරමුණ, වාසුදේව නානායක්‌කාර මහතාගේ නායකත්වයෙන් යුත් ප්‍රජාතන්ත්‍රවාදී වාමාංශික පෙරමුණ සහ උදය ගම්මන්පිල මහතාගේ නායකත්වයෙන් යුත් පිවිතුරු හෙළ උරුමය යන පක්‍ෂ මෙසේ මහින්ද රාජපක්‍ෂ මහතා ඉදිරි මහා මැතිවරණයේදී එක්‌සත් ජනතා නිදහස්‌ සන්ධානයේ අගමැති අපේක්‍ෂකයා ලෙස ඉදිරිපත් කළ යුතු යෑයි කියා සිටිති.
මෙම පක්‍ෂ හතර එක්‌වී එක්‌ පෙරමුණක්‌ ලෙස ක්‍රියාකරමින් "මහින්ද සමග රට දිනවමු" යන තේමාව යටතේ මෙම 18 වැනිදා නුගේගොඩදී ජන රැලියක්‌ පැවැත්වීමට ද කටයුතු යොදා ඇත.