ගූගල් වෙතින් සිම් නැති මොබයිල් ෆෝන්

ජංගම දුරකථනයකින් සිම් එකක් භාවිතා නොකර කථා කිරීමට හැකි තාක්ෂණයක් නිර්මාණය කිරීමට ගූගල් (Google) සමාගම කටයුතු ආරම්භ කර තිබේ.
ගූගල් (Google) සමාගම එහි
ආරම්භක පියවරක් ලෙස NOVA නමින් රැහැන් රහිත ජංගම දුරකථන ජාලයක් නිර්මාණය කිරීමට කටයුතු ආරම්භ කර ඇත.
මෙම වැඩසටහනෙහි ඉදිරි තාක්ෂණික කටයුතු සදහා Sprint හා T-Mobile සමාගම් මිලදී ගැනීමට ද කටයුතු කරන බව එම සමාගම කියා සිටී.

 කෙසේ නමුත් මෙම සේවාව ගූගල් (Google) සමාගම විසින් දැනට Sprint හා T-Mobile සම්බන්ධතාවය ඇති ප්‍රදේශ සදහා පමණක් ආරම්භ කිරීමට නියමිතය.
NOVA සම්බන්ධතාවයට රැහැන් අවශ්‍ය නොවීම මෙහි ඇති විශේෂත්වය වේ.
 මෙම ක්‍රමය එළිදක්වන දිනය නිල වශයෙන් ප්‍රකාශ කර තවමත් ප්‍රකාශ කර නොමැත.

මූලාශ්‍රය - නෙත් එෆ් එම්