මොංගෝලියාවේ මමියට තාමත් පණ තියෙනවා ලු

පසුගිය සතියේදී මොංගෝලියාවෙන් හමුවූ හිමිනමකගේ මමිය බොහෝ දෙනෙකුව විමතියට පත්කළේ එහි එතරම් හොඳින් සංරක්ෂණය වී තිබෙන හෙයිනි.
කෙසේ වෙතත්, මෙම මමියට පණ ඇතැයි ඇතැම් බෞද්ධ හිමිවරුන් පවසන බව විදෙස් වාර්තා වල දැක්වේ.
මෙම හිමිනම අපවත් වී නැති බවත්, පද්මාසන ක්‍රමයේ පිහිටා ඉතා විරල හා ගැඹුරු භාවනාවක යෙදෙමින් සිටින බවත් මෙම බෞද්ධ හිමිවරුන් පවසන බව ඒජන්සි වාර්තා සඳහන් කරයි.
උතුරු මැද මොංගෝලියානු ප්‍රදේශයෙන් සොයාගත් මෙම මමිය, හරක් සම් වලින් පොරවා තිබියදී හමුවී තිබුණු අතර, කළු කඩ වෙළඳපොලේ දී විකීණීමට අදහස් කරමින් මෙය සොරකම් කළ මිනිසෙකු පසුගියදා එරට පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබුණි.