ලාංකිකයන්ගේ ස්විස් ගිණුම්වල රහස් හෙළිවේ

ශ‍්‍රී ලාංකිකයන් අනූ දෙදෙනෙකු ස්විස් බැංකුවේ රහසිගත ගිණුම් පවත්වාගෙන යන බවට තොරතුරු අනාවරණය වේ. ඒ ජාත්‍යන්තර ගවේෂණාත්මක මාධ්‍යවේදීන්ගේ සංගමය විසිනි.
එම පුද්ගලයන් විසින් තැන්පත් කරන ලද ඩොලර් මිලියන 58 යි දශම 3 ක මුදලක් ස්විස් බැංකු ගිණුම් වල පවතින බව හෙළි කර ඇත. පසුගියදා නිකුත් කරන ලද නවතම වාර්තාවකට අනුව ලොව පුරා ස්විස් බැංකු ගිණුම් හිමියන් පිළිබඳ තොරතුරු අනාවරණ කර ඇත.
මෙම ගිණුම් නීති විරෝධී නොවන අතර නීති විරෝධී මුදල් නිත්‍යනුකූල කිරීම සඳහා ද මෙම ගිණුම් භාවිත කරන බව අනාවරණ වී තිබේ.
ලෝකයේ ස්විස් බැංකු ගිණුම් පවතින රාජ්‍යයන් අතර 112 වන ස්ථානය ශ‍්‍රී ලංකාවට හිමිව ඇත.