'ජනසංහාර' චෝදනාව බාධාවක් බව ඉන්දියාව කියයි

උතුරේ ජන සංහාරයක් සිදු වී ඇති බව පවසමින් ජාත්‍යන්තර පරීක්ෂණයක් ඉල්ලා ශ්‍රී ලංකාවේ නව රජයට අභියෝග කිරීමෙන් පවතින තත්වය තවදුරටත් ව්‍යාකුල විය හැකි බව ඉන්දීය රජයේ ආරංචි මාර්ග පැවසූ බව හින්දු පුවත්
පත ප්‍රකාශ කරයි.
එය ශ්‍රී ලංකාවේ අභ්‍යන්තර ප්‍රශ්නයක් සේ සලකා ඉන්දීය රජයේ බලධාරීන් ඒ පිළිබඳව කිසිවක් ප්‍රකාශ නොකරන බව ‘The Hindu’ පුවත් පතේ රාජ්‍ය තාන්ත්‍රික කටයුතු බාර සංස්කාරක සුහර්ශනී හෙදර් ප්‍රකාශ කළේය.
ඉන්දීය රජය, ශ්‍රී ලංකාව ආරම්භ කොට ඇති පුනරුත්තාපන සහ ප්‍රතිසංස්කරණ ක්‍රියාවලිය පිළිබඳව දිගටම උනන්දුවක් දක්වන බව පැවසූ ඇය වත්මන් ශ්‍රී ලංකා රජය ඒ සම්බන්ධයෙන් ක්‍රියා කරන ආකාරය ගැන ඔවුන් අවධානය යොමු කොට සිටින බවත් සඳහන් කළාය.
මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිවරයා ඉතා ඉහළින් පිළිගැනීමට දිල්ලි පාලනය බලාපොරොත්තුවෙන් සිටින බවත් ඇය ප්‍රකාශ කළාය.
(බිබිසි)