තත්පර 3.5න් හැටට හැටේ යන ලංකාවේ වේගා

තේ, කුළුබඩු, සංචාරක කර්මාන්තය හා ක්‍රිකට් සඳහා ප්‍රසිද්ධ ශ්‍රී ලංකාව, මේ වන විට තාක්ෂණය අතින් ද ඉහළ මංපෙත් වලට යමින් සිටියි.
ඒ, ශ්‍රී ලංකාවේ නිපදවූ නවතම සුපිරි මෝටර් රථයත් සමගයි.

අශ්වබල 900 ක් බලැති මෙම විද්‍යුත් මෝටර් රථය වේගා ය.
සංචාරක කර්මාන්තය වෙනුවෙන් මෘදුකාංග නිෂ්පාදනය කරන කොළඹ පිහිටි සමාගමක් විසින් මෙම කාරය නිෂ්පාදනය කර ඇති අතර, පැයට සැතපුම් 0 සිට පැයට සැතපුම් 60ක් දක්වා වේගය වැඩිකිරීමට මෙම කාරයට ගතවන්නේ තත්පර 3.5ක් පමණක් බව ඔවුන් සඳහන් කරයි.
මෙහිදී බීබීසී පුවත් සේවය වෙත අදහස් දක්වමින් වේගා ව්‍යාපෘති කළමනාකරු බේෂාන් කුලපාල පවසා ඇත්තේ සුපිරි කාරයක් වැනි සංකීර්ණ ඉංජිනේරු ව්‍යාපෘතියක් ශ්‍රී ලංකාව වැනි රටකින් නිෂ්පාදනය කළ හැකි යැයි මිනිස්සුන් හට ඒත්තු ගැන්වීම සිය සමාගම මුහුණපාන දැවැන්ත අභියෝගය බවයි.
වේගා සුපිරි මෝටර් රථයේ මූලාකෘතිය 2015 අප්‍රේල් මාසයේදී එළිදැක්වීමට නියමිත අතර, මෙය ඇමෙරිකානු ඩොලර් 400,000 ක මිලකට වනු ඇතැයි පැවසේ.