රාජිත ජාතික ලැයිස්තුවෙන් : පුතා කොළඹින් !

ඉදිරි මහ මැතිවරණයේදී සෞඛ්‍ය අමාත්‍ය රාජිත සේනාරත්න මහතා ජාතික ලැයිස්තුවෙන් ඉදිරිපත්විමටත්, ඔහුගේ පුත් චතුර සේනාරත්න මහතා කොළඹ දිස්ත්‍රීක්කයෙන් තරඟ කිරීමටත් තීරණය කර
ඇත.
මහ මැතිවරණයේදී රාජිත සේනාරත්න මහතා ජනාධිපතිවරයා නියෝජනය කරමින් රටපුරා සන්ධාන රැස්වීම ඇමතීමට නියමිතය.
චතුර කථිකයකු ලෙස සැලකෙන චතුර සේනාරත්න මහතාට කොළඹ දිස්ත්‍රීක්කයෙන් ඉදිරිපත්වන ලෙස එජාප නායක අගමැති රනිල් වික්‍රමසිංහ මහතා ගෙන් ආරාධනයක් ලැබී ඇතැයි ද පැවසේ.
පුජ්‍ය අතුරලිය රතන හිමියන්ගේ 'පිවිතුරු හෙටක්' සංවිධානයේ ප්‍රධානියකු වන චතුර සේනාරත්න මහතා දේශපාලනික වශයෙන් ඔසවා තැබීම සඳහා, රාජිත සේනාරත්න අමාත්‍යවරයා විසින් ඔහු වෙත විශේෂ ව්‍යාපෘති රැසක් පවරා ඇත. වකුගඩු නිවාරණ ව්‍යාපෘතිය ඉන් ප්‍රධානවේ.