ඔබාමා ගේ ‘චුවින් ගම්’ හැපීම

ඉන්දීය නිදහස් දින උත්සවයක දී ප්‍රධාන අමුත්තා වශයෙන් ‘චුවින් ගම්’ හපමින් සිටිය දී ගෞරවයට පාත්‍ර වූ ප්‍රථම එක්සත් ජනපද නායකයා බවට ජනාධිපති බරක්
ඔබාමා පත් විය.
ඉන්දීය අගමැතිවරයා සමඟ ආචාර පෙළපාළි නරඹමින්
සිටිය දී, ජනාධිපති ඔබාමා ගේ ‘චුවින් ගම්’ හැපීම අන්තර්ජාලයේ සමාජ වෙබ් අඩවි තුළ දැඩි කතා බහට ලක් වී තිබේ.
ඇතැමුන් මෙය හඳුන්වා තිබුණේ ‘අශෝභන දර්ශනයක්’ ලෙසින්.

කෙසේ වෙතත් ජනාධිපති ඔබාමා ගේ ‘චුවින් ගම්’ හැපීම කතා බහට ලක් වූ ප්‍රථම අවස්තාව මෙය නොවෙයි.
චීනයේ සහ ප්‍රංශයේ සිදු කළ සංචාරයක දී මෙන්ම 2013 තම පදවි ප්‍රාප්ති උත්සවයේ දී පවා ඔහුගේ ‘චුවින් ගම්’ හැපීම දක්නට ලැබුණි.