යෝෂිතට නාවික හමුදාවෙන් අස්වෙන්න නොදෙයි !

හිටපු ජනපති දෙවැනි පුත් ලුතිනන් යෝෂිත රාජපක්ෂ මහතා නාවික හමුදාවෙන් ඉල්ලා අස්වීමට ලබාදුන් ලිපියට නාවික හමුදාපති වයිස් අද්මිරාල් ජයන්ත පෙරේරා
මහතා අනුමැතිය ලබාදී නැතැයි නාවික හමුදා මාධ්‍ය ප්‍රකාශක කමාන්ඩර් කෝසල වර්ණකුලසූරිය මහතා පැවසීය.
ජනපතිවරණය පැවැති දිනට පසුදින එනම් ජනවාරි 09 වැනිදාම යෝෂිත රාජපක්ෂ මහතා නාවික හමුදා‍ සේවයෙන් ඉල්ලා අස්වීමට අදාළව ලිපියක් බාරදී තිබිනි.