ඡන්දයෙන් පසුව වාරණය වූ ගීතය

පසුගිය කාලයේ පැවති මැතිවරණ උණුසුමත් සමඟ ඇතිවූ දේශපාලන විපර්යාසයන් හාස්‍යට ලක් කළ ගීතයක් නව පරපුරේ යුවලක් විසින් නිර්මාණය කර තිබිනි.
පසුගිය දිනවල අන්තර්ජාලය හරහා
වැඩි ජනප්‍රියත්වයක් ලබූ මේ ගීතය රූපවාහිනී  හා ගුවන් විදුලි නාලිකා කිහිපයක් වාරණයට ලක්කර ඇතැයි පැවසේ.
මේ ගීයේ රූප රචනය අදාල ගීතය ප්‍රතික්ෂේපවීමට හේතුව බව ශ්‍රී ලංකා මිරර් වෙත වාර්තා වේ.
"පොලිටික්ස් ජීවිතේ" ලෙස නම්කර ඇති මේ ගීය ගයන්නේ රිෂාඩ් හා රියාඩ් විසිනි.
මෙය ස්ටුඩියෝ 18 හි නිෂ්පාදනයකි.
මොහොමඩ් රියාඩ් සදිකීන්ගේ ප්‍රදේශීය දේශපාලයකුගේ දේශපාලන අඳෝනා නම් කෙටි කතාව ඇසුරින් මෙහි පද රචනය නිර්මානය වී තිබේ.
එම ගීය පහත දැක්වේ.