සන්ධානයට ලංගමෙන් ලක්ෂ 1925 ක බිලක්

පසුගිය ජනාධිපතිවරණයේදී මැතිවරණ ප්‍රචාරක කටයුතුවලට ලංගම බස් රථ ලබාගෙන තිබුණද ඒ සදහා අදළ පාර්ශවයන්ගෙන් අයවිය යුතු මුදල් තවම ලබා දී නොමැතිබව
අභ්‍යන්තර ප්‍රවාහන අමාත්‍යාංශය සඳහන් කරයි. මෙහිදී ජනතා නිදහස් සන්ධාන අපේක්ෂක මහින්ද රාජපක්ෂ මහතාගේ ප්‍රචාරක කටයුතුවලට ලබා ගත් ලංගම බස් රථ වෙනුවෙන් රුපියල් ලක්ෂ 1925 ක් ලබාදිය යුතුවූවත් තවමත් ලබාදී ඇත්තේ රුපියල් ලක්ෂ 500 ක මුදලක් පමක් බවත් ලංගමට අයවිය යුතු රුපියල් ලක්ෂ 1425 ක මුදල ලබා දෙන ලෙස ඉල්ලා එක්සත් ජනතා නිදහස් සන්ධානයේ මහලේකම්වරයාට ලිපි මගින් දන්වා යැවූ බව අභ්‍යන්තර ප්‍රවාහන අමාත්‍ය රංජිත් මද්දුමබණ්ඩාර මහතා සඳහන් කරයි. මේ සම්බන්ධයෙන් විමසීම සදහා සුසිල් පේ‍්‍රමජයන්ත මහතා සම්බන්ධ කරගැනීමට උත්සහාකලද එය ව්‍යර්ථ විය.