මහින්දගේ සහ නාමල්ගේ රුව ඇතුළත් බිත්ති ඔර‍ලෝසු 68,000ක් සපුගස්කන්දෙන් (VIDEO)



සපුගස්කන්ද, මාබිම ප්‍රදේශයේ ගබඩාවක තිබී හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ සහ නාමල් රාජපක්ෂ මහතාගේ රුව සහිත බිත්ති ඔර‍ලෝසු 68,000 ක් හා පෝස්ටර් තොගයක් අද දහවල්
හමුවිය.
ගබඩාවේ හිමිකරුගෙන් පොලීසිය කළ ප්‍රශ්න කිරිම්වලදී ඔහු පවසා
ඇත්තේ තමන් රුපියල් ලක්ෂ 15 බැගින් වූ කුලී පදනම මත වරාය අධිකාරියට අදාළ ගබඩාව ලබා දී තිබූ බව ය.
මහර මහේස්ත්‍රාත් අධිකරණය මගින් නිකුත් කළ සෝදිසි වරෙන්තුවක් මත එම ගබඩාව අද පෙරවරුවේදී සපුගස්කන්ද පොලීසිය විසින් වටලනු ලැබිණි.
මේ අතර සැක කටයුතු භාණ්ඩ තොගයක් ඇති බවට ලැබුණු තොරතුරක් මත දෙල්ගොඩ, කඳුබොඩ ප්‍රදේශයේ දෙමහල් නිවසක් පොලීසිය අද පස්වරුවේ පරීක්ෂා කරනු ලැබිණි.
අප වාර්තාකරු පැවසුවේ එම නිවසේ තිබී ලියකියවිලි තොගයක් සහ තවත් උපකරණ කිහිපයක් හමුවූ බව ය.